කංජිපානි රඳවා සිටින බන්ධනාගාර කුටියෙන් දුරකතනයක් හමුවෙයි


( ජයන්ත සමරකෝන්)

බූස්ස බන්ධනාගාරයේ  රඳවා සිටින  ජාත්‍යන්තර මට්ටමේ මත්කුඩු ජාවාරම්කරවෙකු වන  කංජිපානි ඉම්රාන්  නැමැත්තා  රඳවා සිටින  ඒ-1 සිර මැදිරියේ  අද (02) අලුයම සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සිර මැදිරියේ දොරේ කවුළුවක සඟවා තිබු  ජංගම දුරකතනයක් බන්ධනාගාර   බුද්ධි නිලධාරීන් කණ්ඩාමයක් විසින්  සොයාගෙන තිබේ.
 
කොළඹින් ගිය බන්ධනාගාර නිලධාරීන්ට ලැබුණූ තොරතුරක් මත මෙම හදිසි සෝදිසි මෙහෙයුම  සිදු කර ඇති අතර  එම සිර මැදිරියේ රඳවා තිබී ඇත්තේ මෙම සැකකරු පමණක් බවඳ  දැනගන්නට තිබේ.
 
මෙම සැකකරු කොළඹ අධිකරණයට  ඉදිරිපත් කිරීමෙන් පසු නැවත  බූස්ස බන්ධනාගාරයට රැගෙන විත් ඇත්තේ පසුගිය 30 වැනිදාය.