ඕස්ටේ‍්‍රලියාව කාන්තා විස්සයි20 ලෝක ක‍්‍රිකට් ශූරතාව දිනාගනිති
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පස්වරුවේ පැවැති කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ ලකුණු 4 කින් එංගලන්තය පරාජය කරමින් පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනාගැනීමට සමත් වූහ.
බටහිර ඉන්දීය කොදෙව්හිදී 2-010 වසරේ පැවැති දෙවැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ද ඕස්ටේ‍්‍රලියාව ශූරතාව දිනාගත්තේය.
ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රවේගකාරි පිතිකාරී ජේස් කැමරන් අවසන් මහා තගරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගත්තාය. එංගලන්ත නායිකා චාලට් එඞ්වඞ්ස් සිවුවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රිඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 3 ට 142 (මැග් ලනින් 26, ඇලිසිසා හීලි 26, ජේස් කැමරන් 45, ලීසා තලිකාර් නොදැවී 23, හොලි කොල්වින් 21/2)
එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 9 ට 138 (චාලට් එඞ්වඞ්ස් 28, සාරා ටේලර් 19, ජෙනී ගන් 19, ජේස් ජෙනසෙන්ස් 25/3, ජූලි හන්ටර් 36/2, ලීසා තලිකාර් 16/2)

