ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට එති


ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පස්වරුවේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 28 කින් බටහිර ඉන්දීය කොදෙව් පාරජය කළේය. කාන්තා විස්සයි20 ලෝක ශූරියන් වන  ඕස්ටේ‍්‍රලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ. එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර අවසන් මහා තරගය 7 වැනිදා පස්වරු 2.30 සිට කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඕස්ටේ‍්‍රලියාව  ඕවර 20 කදී කඩුලූ 7 ට 115 (මැග් ලනින් 19, ලීසා තාලිකර් 23, ඇලෙක්ස් බ්ලැක්වෙල් 21, ජොඩියි ෆීල්ඞ්ස් නොදැවී 19, සනෙල් ඩෙලි 23/2, ශාකුයුනා කුයුන්ටිනි 23/2) බටහිර ඉන්දීය කොදෙව්  ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 87 (ජූලියානා නීරෝ 31, සනෙල් ඩෙලි 25, ජූලි හන්ටර් 22/5, එලිසා පෙරී 19/2) ඡායාරූය: ශාන්ත රත්නායක ඕස්ටේ‍්‍රලියානු පිතිකාරියකගෙන් රිවර් ස්වීප් පහරක්..