බටහිර ඕස්ට්‍රේලියාවේ ඔගස්ටා නගරයට සැතපුම් හයක් ඈත වෙරළකට ගසාගෙනවිත් තිබිය දී හමුවූ කැබලි තුනක් අතුරුදන්වූ මැලේසියා යානයේ දැයි පරීක්ෂණ පවත්වන බව ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන සුරක්ෂිතතාව සම්බන්ධ කාර්යාංශය පවසයි. ඔවුන් පවසන්නේ මේ කොටස් වලින් විශාලතම කොට කාරයක් තරම් විශාල බවයි.
මේ වෙරළ පිහිටා ඇත්තේ පර්ත් නුවර සිට සැතපුම් 190ක් දුරිනි. වෙරළේ ඇවිද ගිය පුද්ගලයකු විසින් මේ කොටස් දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසු ලබාගත් ඡායාරූප කිහිපයක් මැලේසියාවේ පරීක්ෂණ කණ්ඩායමට යැවූ බව ද ප්‍රවාහන සුරක්ෂිත කාර්යාංශය පවසයි. එම පර්යේෂකයන් පවසා ඇත්තේතේ මෙම කොටස් අතුරුදන් වූ යානයේ දැයි යන්න තහවුරු කැර ගැනීමට දිනක පමණ කාලයක් ගතවීමට ඉඩ ඇති බවයි.





