ඕස්ට්‍රේලියා ගිය 18ක් පිටුවහල් කෙරෙති


ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ අද කටුනායකින් දිවයිනට පැමිණියහ. ඕස්ට්‍රේලියාවේ මෑතකදී සම්මතවූ නීතියකට අනුව සරණාගතයින් ලෙස යන්නවුන් නාවුරු දූපතේ කඳවුරකට යැවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම පිරිස නාවුරු කඳවුර බලා යාම ප්‍රතික්ෂේප කළ නිසා නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබීය. ඕස්ට්‍රේලියා විශේෂ ගුවන් යානයක් මගින් මෙරටට ගෙන එනු ලැබූවන් සිංහල ජාතිකයයෝ 14ක් ද, ද්‍රවිඩ ජාතිකයෝ 03ක් ද, මුස්ලිම් ජාතිකයෙක්ද වෙති.