ඕමාන් ආරක්ෂාව ඈලියාවට යයි


ඕමාන් තානාපති කාර්‍යාලයේ සුරක්ෂා නිවසේ රඳවා  සිටින   ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක එහි සිටියදීම  ගබ්සාවක් සිදු කර ගෙන ඇතැයි ද යන්න පිළිබඳව  පරීක්ෂණයක්  ආරම්භ කර ඇත.

ඇයගේ සැමියා විසින් 2014 අප්‍රියෙල්  16 වැනි දින විදේශ සේවා නියුක්ති කාර්‍යංශයට  ගොස් තම බිරිඳව හාම්පුතා විසින්  අතවරයට ලක්කර එක් මසක වැටුපක් පමණක් ගෙවා එරට රැකියා  නියෝජිතායතනය  වෙත ගෙනත් දමා ඇති බවත් එහිදි ඇය  කුසගින්නේ තබා ඇති බවත් එබැවින්   සිදු වී ඇති අතවරය පිළිබඳ පරීක්ෂණයක් සිදු කර ඇය  යළි මෙරටට එවන ලෙසත් ඉල්ලමින් පැමිණිලි කර ඇත.

ඇය   ජනාවාරි 10 වැනි දා මෙරට සිට ඕමානය  බලා පිටව ගොස් ඇත්තේ  මහ ඔය අම්පාර ප්‍රදේශයේ  රැකියා නියෝජිත ආයතනයක් හරහා බව ද පැමිණිල්ලේ සඳහන් වෙයි.

එම පැමිණිල්ල  ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය   විසින්  ඔවුන්ගේ  පරිගණක පද්ධතියට දමා ඇත්තේ 2014  අප්‍රියෙල්   24 දිනයි. 

එදිනම මේ පිළිබඳව ඕමාන් තානාපති කාර්යාතලයට දන්වා යවා ඇතත් මේ වන තුරු ඇය  එරට පොලිසියට  රැගෙන  ගොස්  හාම්පුතාට හෝ එරට රැකියා නියෝජිතායතනයට විරුද්ධව  පැමිණිල්ලක් පවා දමා නොමැති බවද වාර්ථා වන අතර  තානාපති කාර්‍යාලය මගින් අදාල  රැකියා නියෝජිතායතනය හෝ නිවෙස් හිමියා ගෙන්වා කිසිදු පරික්ෂණයක් හෝ පවත්වා නැති බවද වාර්තා වෙයි.

මේ අතර  පසුගිය 22 දින ඇය  සුරක්ෂා නිවසින් ඕමානයේ පෞද්ගලික රෝහලකට ගෙන ගොස්  වෛද්‍යවරියක  ලවා    ගබ්සාවක් සිදු කර   ඇති බවත් ඇය ඉතා  අසාධ්‍ය  තත්වයෙන් සුරක්ෂා නිවසේ සිටින බවත් කියති.

මේ පිළිබඳව ඕමානායේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ කම්කරු අංශයේ  කොන්සල්වරයා වන මාධව දේශප්‍රිය  මහතාගෙන් විමසු  විට ඔහු පැවසුවේ    එවැනි සිද්ධියක්  සුරක්ෂා නිවසේ  සිදුවී නැති බවයි.

පසුව  ඕමානයේ ශ්‍රී  ලංකා  තානාපති අශෝක ගිරිහාගම මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ එවැනි සිද්ධියක් කම්කරු අංශයෙන්  වාර්ථා වී නැතිබවයි. ඒ ගැන සොයා බලන බව ද හෙතෙම කීවේය.

ඒ අනුව තානාපති වරයා මේ පිළිබඳව කම්කරු අංශයෙන් විමසා ඇතත්  දිගින් දිගින් දිගටම ඔවුන් එවැනි සිද්ධියක් පිළිබදව වාර්තාවක් නැතැයි කීම නිසා තානාපතිවරයා  සුරක්ෂා නිවසට හදිසියේ ගොස් සෝදිසි මෙහෙයුමක් කර ඇත.

ඉන් පසු මේ පිළිබඳව යළිත් තානාපතිවරයාගෙන්   විමසු විට ඔහු පැවසුවේ  තමා එහි ගොස් අදාල කාන්තාව ගෙන් ප්‍රශ්න  කළ බවත් එදින තමන් රෝහලට ගියේ ලේ පරික්ෂාවක් කරගැනීමට බවත් තමන් ගැබිනියක නොවන බවත් ගබ්සාවක් සිදු  නොකළ බවත් ඇය පුල පුලා පවසා ඇත.

කෙසේ වෙතත් තමාට රෝහලේදී ඔක්කාරය පැමිණ ක්ලාන්ත වු බවත් ඇය පවසා ඇත.
මේ පිළිබඳව  මේ වන විට තානාපතිවරයා විසින්  විමර්ශනයක් අරඹා ඇති අතර ඒ  අනුව 2014 මැයි 24 දින ඇයව වෛද්‍ය   පරික්ෂණයකට ගෙන යාමට සුදානම් වෙද්දි  ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය  සමග වෛද්‍ය  පරික්ෂණය සදහා යාමට වෙනත් කාන්තාවක් ඉදිරිපත්ව කර තිබු  බවද  වාර්ථා  විය.

එම උත්සාහයද තානාපතිවරයාට හසුවී ඇති බව  වාර්ථා වෙයි.

මේ පිළිබදව ඕමානයේ පදිංචි මෙම සිද්ධිය පිළිබදව දන්නා ශ්‍රී ලාංකිකයෝ පවසන්නේ   ඇයගේ  රැකියා නියෝජිතායතනය  සහ නිවෙස් හිමියා විසින් විශාල මුදලක් තානාපති කාර්යායලයේ දුෂිත නිලධාරීන් පිරිසකට  ලබා දී මෙම සිද්ධිය යටපත් කිරීමට උත්සහ කරන බවත් සුරක්ෂා නිවසේ මෙවැනි දේවල් නිතර නිතර සිදුවන බවත්ය.

ඇයගේ සැමියාද ඇය ගැබ්ගෙන ඇති බවක් නොදන්නා බැවින් ඇයද මෙයට එකග වන්නට ඇතැයි ඔවුහු කියති.

තවද ඔවුහු පවසන්නේ කාන්තාවගේ සැමියාගේ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වි   එරට පොලිසියට  ගොස්  ඇයට අතවරය සිදු කළ හාම්පුතාට සහ රුකියා නියෝජිතියතයට විරුද්ධව නීති මගින් කටයුතු කළේ නම් ඇයට වු අසාධාරණයට විශාල වන්දියක්  පවා ලබා ගැනීමට හැකියාව තිබු බවත් තානාපති කාර්්‍යාලයේ සිටින දුෂිත නිලධාරීන් පිරිසක් නිසා එයද වැලකී ගොස් ඇති බවත් පවසක  ඔවුහු මේ පිළිබදව විදිමත් පරිත්ෂණයක් සිදුකර දුෂිත නිලධාරීන් සිටිත් නම් ඔවුන්ට දඩුවම් ලබා දෙන ලෙස බලධාරීන්ගේන් ඉල්ලා සිටිතිි.

කෙසේ වෙතත් එරට නීතිය අනුව ගබ්සාව නීති විරෝධී වන අතර  මරණ දණ්ඩනය පවා හිමිවන වරදකි.