ඕටේ‍්‍රලියාව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හැකියා වනයි


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ  ඕස්ටේ‍්‍රලියා සංචාරයට   සහභාගීවන   ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් වර්ණනා කිරීමට  ඕස්ටේ‍්‍රලියා   ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරකයියෝ  අමතක නොකළහ. මෙහිදී මහේල   ජයවර්ධන හා කුමාර සංගක්කාර වඩාත් රුචිකත්වයක් දක්වන පහරවල්   මෙන්ම, ඔවුන්  පිතිකරුවන් ලෙස ඔවුන්  පන්දු යවන්නන් මෙල්ලකරණ ආකාරය   පිළිබඳවද  කතාබහ ඇතිවිය .    දකුණු අප‍්‍රිකාවට එරෙහිව, පර්ත් නගරයේ වකා ක‍්‍රීඩාංගනයේදී  ඓතිහාසික   ලකුණු සංඛ්‍යාවක් හඹා යන  ඕස්ටේ‍්‍රලියාව කඩුලු තුනක් දැවී  දිවා ආහාරය   සඳහා තරගය නතර කළ අවස්ථාවේදී,  ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරකයෝ    තිදෙනා, තණ නිල්ලට  අවුත්    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් පිළිබඳව මෙසේ විස්තර   ගෙන එන්නට පටන් ගත්හ. මෙයවනවිට අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත   කිරීමේ දෙවෙනි ස්ථානය හොඹවන ශ‍්‍රී ලංකා පිලේ වමතින් දඟ පන්දු යවන   රංගන හේරත්ගේ හැකියාව මෙන්ම,  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්   ලෝලින් ගැනද ඔවුහු කතා කළහ