ඔබාමා ලංකාවට එන ලකුණු


ඇමරිකා  ජනපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාවේ  සංචාරයකට එනු ඇතැයි වසර 47 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී ප්‍රබල ඉඟියක් කළේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹදී පැවති පුවත්පත් හමුවකදී පැවසූවේ ආසියා සංචාරයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනපති ඔබාමාට නිර්දේශ කරන බවයි.

ජෝන් කෙරී අවධාරණය කළේ තමා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඇගිලි ගැසීමට නොව  ශ්‍රී ලංකාවේ පවත්නා යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇති වු සතුටුදායක තත්වය නිසා බවයි.