ඔකඳ සිට ඔකඳ සිතින් කතරගමට


කතරගම ඇසල උත්සවයට සහභාගි වීම සඳහා පාද යාත්‍රාවේ වන්දනාකරුවෝ විශාල පිරිසක් ඔකඳ දේවාලයට පැමිණ සිටිති.

ඔකඳ දේවාල ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු (01) අලූයම ඔවුහු කුමන හා යාල ඔස්සේ කතරගම බලා ගමන් අරඹති.

යාපනය, වවුනියාව, මඩකලපුව හා ත්‍රිකුණාමලය සිට මේ පිරිස පැමිණ සිටිති. වාර්ෂිකව මෙම බැතිමතුන් බාර හාර ඔප්පු කිරීම සඳහා මෙලෙස පාද යාත්‍රාවේද යෙෙදි‚. කතරගම ඇසළ මංගල්‍ය යට සහභාගි වීම සිදුකරති.

මෙලෙස පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට අවශ්‍ය කරන ආහාර පාන, ජලය, ආරක්ෂාව සෞඛ්‍ය සේවාවන් ගිලන් රථ සේවාවන් ඇතුළු සේවාවන් අම්පාර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, පොලිසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය, ලාහුගල ප්‍රාදේශීය සභාව ඇතුළු පහසුකම් සලසා තිබේ.

සෑම වසරකම බැතිමතුන් විශාල පිරිසක් ඔකඳ හරහා පාද යාත්‍රාවෙන් යෙදෙන අතර මෙවරත් විශාල පිරිසක් පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙතැයි ආරක්ෂක අංශ කියති.