(ඩයනා උදයංගනී)
ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් 7 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වන බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂය දැන් අවුල් ජාලාවක් වී ඇතැයි කී ශාන්ත බණ්ඩාර මහතා ඒ හේතුවෙන් එහි බොහෝ දෙනෙක් කලකිරීමෙන් සිටින බව ද කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ මහතා පසුගිය දා ජනාධිපතිවරයා සමග එක්වූවා මෙන් ඔවුන්ද එක්වනු ඇති බව කී ශාන්ත බණ්ඩාර මහතා ඔවුන් එක්වන්නේ ආණ්ඩුවට නොව පක්‍ෂයට පමණක් බව ද කීවේය.
තරුණ පෙරමුණු සභාපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී.ල.නි.ප පක්‍ෂ මූලස්ථානයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

