වැලිවේරියේ ප්‍රහාරයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරියේ අද (14) සවස විරෝධය පළ කළ ඒකාබද්ධ විපක්ෂය පෙළපාළියෙන් අරලියගහ මන්දිරය දෙසට ගමන් කරද්දී ලෝටස් පාරේදී සිය ගණනක් වු පොලිසිය මාර්ග බාධකයක් සේ පාර අවුරාගෙන සිට ඔවුන්ගේ ගමන වැළැක්වීය.
එම මාර්ගය හරහා බස්ද ගාල් කැර තිබිණි.අවසානයේදී සංදේශයක් රැගෙන නියෝජිතයින් කිහිප දෙනකුට අරලියගහ මන්දිරයට යෑමට ඉඩ ලැබුණේ පැය එකහමාරක පමණ උද්ඝෝෂණයකින් අනතුරුවය.
උද්ඝෝෂකයන් ඇමැතු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ තම උද්ඝෝෂණය නැවැත්වීමට පොලිසිය වේගයෙන් ක්‍රියා කරමින් උසාවියට ගිය ආකාරයටම වැලිවේරියේදී වෙඩි තබා තරුණයන් තිදෙනකු මරා දැමු පිරිසට එරෙහිව ක්‍රියා කළ හැකි බවයි. එහෙත් එවැනි දෙයක් පෙනෙන්නට නැතැයිද වික්‍රමසිංහ මහතා කීවේය.
රජය වෙනස් කරන තුරු තම උද්ඝෝෂණය ගෙන යන බව ඔහු කීවේය.
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කතාකරමින් කීවේ ඇති එකාට සියලු දේ ඇති බවයි. නැති එකා අන්ත දුකට වැටී ඇතැයිද ඔහු කීවේය.
මනෝ ගනේෂන් මහතා පැවසුයේ මේ රජය එළවා දැමිය යුතු බවයි.