ඒකාබද්ධ විපක්ෂයේ සහාය විජයදාසට


අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංගයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52ම ඇමැතිවරයාට සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කියයි.

ඒකාබද්ධ විපක්ෂය විජයදාස රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්නේ කොන්දේසි විරහිතව බව ද ඒ මහතා පවසයි.

ආණ්ඩුවේ ඉන්නා කෙනකුට ආණ්ඩුවෙන්ම විශ්වාස භංග ගෙන එන ලෝකයේ කිසිම රටක් නැති බවත්, විශ්වාෂ භංගය ගෙන එන්නේ විජයදාස මහතා හරිආකාරව වැඩ කටයුතු සිදුකරන නිසා බවත් සොයිසා මහතා කියයි.

044