ඒකාබද්ධ පිලට දිල්හාර අහසින් පාත්වෙයි


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිලට දිල්හාර ප‍්‍රනාන්දු කැදවා තිබේ. දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව මේ මස 20 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩකයන් කීප දෙනකු තෝරා ගැනීම සඳහා පුහුණු තරග දෙකක් පැවැත්වෙයි. මෙම පුහුණු තරග සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා ඒකාබද්ධ පිලට දිල්හාර ප‍්‍රනාන්දු  කැඳවා තිබේ.

මෙම පුහුණු තරග දෙක මේ මස 14 සහ 15 දෙදින කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න ද, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිලේ නායකයා ලෙස ඩිල්ෂාන් මුණවීර ද, කටයුතු කරති.

දකුණතින් වේග පන්දු යවන දිල්හාර ප‍්‍රනාන්දු 2012 වසරේ ජනවාරි මස 11 වැනිදා දකුණු අප‍්‍රිකාවේ පාල් නුවරදී, දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව සභාගිවූ එක්දින තරගයෙන් පසු මාස 19 කින් එක්දින ජාත්‍යන්තර තරගයට ක‍්‍රීඩා කර නැත. එම තරගයේදී දිල්හාර යැවූ  ඕවර 9 න් ලකුණු 65 ක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකානු පිතිකරුවෝ සමත් වූහ. 33 හැවිරිදි දිල්හාර එක්දින තරග 147 කදී කඩුලූ 187 ක් දවාගෙන තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල:

දිමුත් කරුණාරත්න (නායක), මහේල උඩවත්ත, ඇන්ජලෝ පෙරේරා, තිළිණ කණ්ඩම්බි, කෞෂාල් සිල්වා, ජනක ගුණරත්න, චතුරංග ද සිල්වා, ෆර්විස් මහරුෆ්, ඩිල්රුවන් පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, විමුක්ති පෙරේරා, මධුර ලක්මාල්, ඉෂාන් ජයරත්න සහ මාලිංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල:

ඩිල්ෂාන් මුණවීර (නායක), චාමර කපුගෙදර, සචිත‍්‍ර සේරසිංහ, සමීර සොයිසා, අෂාන් ප‍්‍රියංජන්, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, දිල්හාර ප‍්‍රනාන්දු, තිළිණ තුෂාර, ළහිරු ගමගේ, කෝසල කුලසේකර සහ ඉසුරු උදාන

(●●)