ඒ.සී.සැපේ අම්ලපිත්තයට අත වනයි


වා සැකැසුම් කළ කන්තෝරු හා නිවාසවල සිටින්නන්ගෙන් සීයට හැත්තපහක් පමණ වතුර පානය නොකිරීම නිසා අම්ලපිත්ත (ගැස්ට්‍රයිටීස්) රෝගීන් බවට පත්වී තිබෙන බව කොළඹ ජාතික රෝහලේ ආමාෂ ආන්ත්‍රික රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන මහතා පැවසීය.

ඊට අමතරව වතුර නොබීම නිසා මොවුන්ට වකුගඩු රෝග වැළදීමේ ප්‍රවනතාවයක්ද පවතින බවද වෛද්‍ය රනිල් ජයසේන මහතා අනතුරු හැඟවීමක් කරයි.

‘වා සැකැසුම් යන්ත්‍ර පාවිච්චි කරන අයට වතුර පානය කිරිමේ අවශ්‍යතාවය ඇති නොවෙයි. එම නිසා වතුර බීම මඟ හැරෙයි. එවැනි අය විටින් විට වතුර පානය කිරීමේ පුරුද්ද අනිවාර්යෙන්ම ඇති කර ගත යුතුය.‘

ගැස්ට්‍රයිටීස් රෝගය වැළඳුණ පසු හරියාකාර අන්දමින් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමේ අවසාන ප්‍රතිඵලය ආමාෂයේ පිළිකා හට ගැනීම බවටත් පර්යේෂණ ඔස්සේ හෙළිදරව් කරගෙන ඇත.