මොරටුව වේල්ස් කුමර විද්‍යාලයයේ ගුරුවරුන් කිහිප දෙනකුට සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයාට එල්ලවීයැයි කියන තර්ජන සම්බන්ධයෙන් මොරටුව පොලිසියට කළ පැමිණිලි ගැන නිසි විභාගයක් කර ගුරුවරනට බියකින් සැකයකින් තොරව රාජකාරි කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය පොලිස්පතිට ලිඛිතව දැනුම් දුන් බව එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
කළමනාකරන කමිටුව නියෝජනය කර ගුරුවරුන් කිහිප දෙනකුට සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්ට එලෙස තර්ජනය කර ඇති බවත්, මේ හේතුව නිසා පාසල් සංවර්ධන සමිතියේ ලේකම් එම තනතුරින් ඉවත් වී ඇති බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.
පාසල් පරිපාලනයට එරෙහිව සිදුවිය හැකි ක්‍රියාමාර්ග නතර කිරීමට කටයුතු කරන ලෙස ද විදුහල්පතිට, ගුරුවරුනට හා සිසුනට ගැටළුවකින් තොරව පාසල් කටයුතු කර ගැනීමට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ද හෙතම ඉල්ලයි.