එස්ටීඑෆ් රථයකට ගල් ප්‍රහාරයක්


(රොමේෂ් මධුෂංඛ)

යාපනය පේදුරුතුඩුව මනල්කාඩු හි වැලි ටිපර් රථයට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයකින් අයකු මිය යාමේ සිද්ධියට විරෝධය පා අදත් (10) පේදුරුතුඩුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ටයර් පිලිස්සීම් හා ගල් ප්‍රහාර වාර්තා වෙයි.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය 24 හැවිරිදි යෝගරාසා දිනේස් නැමැත්තා මීට දින 10 කට පෙර විදෙස්ගතව සිට පැමිණි අයෙකු බව පවසයි.

කෙසේ වෙතත් මනල්කාඩුහි පවතින තත්වය සාමාන්‍ය අතට පත්කිරීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාවට යොදවා ඇත.