මේ ඡන්දයෙන් පසු හිටපු ජනපතිනියට නිරුවතින් පාරේ දුවන්නට සිදුවන බවට උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පසුගිය දා කළ ප්‍රකාශය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය අද විපක්ෂ නායක කාර්යාලයයේ දී ප්‍රකාශ කළාය.
‘ මේ සටනේදි චන්ද්‍රිකා පොළොවේ ගහලා දාලා රෙදි ගලවලා හෙළුවැල්ලෙන් පාරේ දුවන්න පාර හදන්න මෙය හොඳ අවස්ථාවක්.‘ යැයි දිසානායක මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.
ඒ ගැන අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය මෙසේ ද කීවාය.
‘රටේ ළමා හා කාන්තා හිංසය, අපචාර රැසක් වෙනවා. පසුගිය දවසක රජයේ ඇමැතිවරයකු ප්‍රකාශයක් කළා හිටපු ජනපතිනියගේ රෙදි ගලවන්න හොඳ අවස්ථාවක් කියා. රජයේ ඇතැම් ඇමැතිවරුන්ගේ මානසික තත්ත්වය එයින් තේරුම් ගන්න පුළුවන්. මා කාන්තාවක් විදියටත්, මහජන නියෝජිත වරියක් විදියටත් මේ ප්‍රකාශය මා දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා.‘

