එස්.ටී.එෆ් 13 දෙනා යළි රිමාන්ඩ්


 විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් පස් දෙනකු 2006 ජනවාරි දෙවැනිදා ත්‍රිකුණාමලය මුහුදු වෙරළේදී වෙඩි තබා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින  එස්.ටී.එෆ් සාමාජිකයන් 13 දෙනා ඇප පිට නිදහස් කරන්නැයි ඔවුන්ගේ නීතීඥයන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එල් ඒ අස්හාර් මහතා ඔවුන් අගෝස්තු 05 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.