ලබන 21 වැනිදා පළාත් සභා ඡන්දයේ ප්‍රචාරක කටයුතු අවසන් වී ඇතත් තරගයට ඉදිරිපත්වී සිටින ඇතැම් අපේක්ෂකයෝ ද, ඔවුන්ගේ ආධාරකරුවෝ ද එස්.එම්.එස් කෙටි පණිවුඩ මාර්ගයෙන් මනාප පොරයට බැස සිටිති.
පක්ෂයේ නම සහ අපේක්ෂකයාගේ අංකය සහ නමද එස්.එම්.එස්. පණිවිඩ මගින් දැනුම් දෙමින් මනාප ඉල්ලීම 19 වැනිදා පෙරවරුවේද සිදු විය.
මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරණ ආකාරයට මෙවර මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 18 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.