විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා පාරිභෝගිකයන් අතර එල්ඊඩී (LED )බල්බ මිලියන 10ක් නොමිලයේ බෙදා දීමට රජය කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
2020 වර්ෂය වන විට සූර්ය ශක්තිය උපයෝගී කරගනිමින් මෙගාවොට් 440ක විදුලියක් ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද සූර්ය බල සංග්‍රාමය යටතේ මේ දක්වා පාරිභෝගික සබඳතා 3909ක් සපයා ඇති අතර, තවත් පාරිභෝගිකයන් 2000ක් ඉල්ලුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුයේ අද(22දා) පාර්ලිමේන්තුවේදීය.
044

