(නිමල කොඩිතුවක්කු)
එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
ආණ්ඩුවේ සිටින පොඩි පොඩි ගෝල බාලයන් දමා එම්.සී.සී ගිවිසුම අත්සන් කරනවද නැද්ද යන ස්ථාවරය සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමෙන් ඵලක් නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
රට දෙකට බෙදනවා, රට ඇමරිකාවේ කොලනියක් වෙනවා කියා එම්.සී.සී ගිවිසුම ගැන බිලලන් මවා බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් එම ගිවිසුම ගැන මුනිවත රැකීම පිළිබඳ විපක්ෂය පුදුම වන බවත් මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවැසීය.

