එදා වේල ටුවර්ස් පාලනයකින් ජනතාවගේ බඩගින්න ඉහළ යනවා


 

(සුජිත් හේවාජුලිගේ)

එදා වේල ටුවර්ස් පාලනයකින් සිදුවන්නේ ජනතා පීඩනය දිනෙන් දිනම ඉහළ යෑම පමණක් බව  ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

මේ තත්වයෙන් මිදීම සඳහා අවම පොදු එකඟතා  වැඩපිළිවෙළක් සහිත  සර්වපාක්ෂික පාලනයකට යොමුවන ලෙස වත්මන් පාලනයට බල කරන බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය කාලය තුළ විදුලි බිල්පත සියයට 300 කින් පමණද ජල බිල්පත සියයට 90 කින් පමණද වැඩිවී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්ද අහස උසට ඉහළ ගොස් ඇතැයි පෙන්වා දුන්නේය.

ආර්ථිකය ඉහළ නැඟීමට කෙටිකාලීන මධ්‍යකාලීන හා  දිගුකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බවද  ඔහු සඳහන් කළේය.

පීඩාවට පත්ව සිටින ජනතාවට හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කරන්නැයි  ගාමිණී වලේබොඩ මහතා රජයෙන් ඉල්ලීමක් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.