එදා වැලිවේරියේදී මොකද වුණේ?


 ‘එදා වැලිවේරියේ සෙනග හත් අට දාහක් විතර හිටියා.  සෙනග වැඩි කමට පාර වැහිලා තිබුනේ. ටික වෙලාවක්  යනකොට හමුදාවෙන් ආවා. හමුදාවෙන් ආවේ පොලූ එහෙම අරගෙනයි. අපි එතකොට කිව්වා මෙතන වතුර ප්‍රශ්නයක් තියෙන්නේ අපි මහත්තයලත් එක්ක රංඩු වෙන්න වත් ප්‍රශ්න  ඇතිකර ගන්නවත් මෙතනට ආවේ නැහැ ඒක නිසා ගහන්න කරන්න නම් එපා,    මහත්තයලට ඒ කාලේ බුද්ධ පූජාවල් තියලා සෙත් පැතුවේ අපිනෙ කියලා . අපි සිංහල ජනතාවනේ අපිට එහෙම කරන්න එපා කියලා කියද්දිත් අපේ හමුදාවේ ලොකු මහත්තයට කෝල් එකක් ආවා.  එයා කිව්වා මේක සමතයකට පත් වුනා කියලා  ඉන් පස්සේ අපි පාර ඉඩ දෙන්න හදනකොට තමයි එකපාරටම මැද්දට පැන කාගේදෝ කමිසයකින් ඇදලා ගත්තා ඒකෙන් තමයි ගෝරිය අවුස්සා ගත්තේ.‘යැයි  වැලිවේරියේ යුද හමුදාව සහ ගැමියන් අතර ඇති වු ගැටුමින් කටට සහ කකුලකට වෙඩි වැදී රෝහල් ගතව සිට පැමිණි කිංස්ලි පෙරේරා (56) මහතා අද වැලිවේරිය පොලීසිය ඉදිරිපිටදී පැවසීය.

 යුද හමුදාව වැලිවේරිය ජනතාවගෙන් සාක්කි ලබා ගැනීම සඳහා ගනේමුල්ල යුද හමුදා කඳවුරට සහ  වැලිවේරිය පොලිසියට පැමිනෙන ලෙස ජනතාවට ලිපි මගින් සහ දුරකතන ඇමතුම් මගින්  දන්වා  තිබූ බැවින්    කිංස්ලි පෙරේරා මහතාද ඊයේ වැලිවේරිය පොලීසිය අසලට පැමිණ සිටියේය.

 වැලිවේරිය පොලිස් ස්ථානයේ උඩු මහල සාක්කි සටහන් කිරම සඳහා සුදානම් කර තිබුන යුද හමුදාව පැමිණ සිටියේ නැත.

වැලිවේරියේ ජනතාවද යුද හමුදාවට සාක්කි ලබා දීමට  අකමැත්තෙන් සිටි අතර මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුහු වැලිවේරිය ශාන්ත අන්තෝනි දේවස්ථානයේ රැඳී සිටියහ.

මේ අතර ජනතාව වෙනුවෙන් නීති ආධාර ලබා දීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුව වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ, හරිෂ්ක සමරනායක, ආසිරි ජයතිලක සහ හේමමාලි පෙරේරා යන  නීතිඥවේදීහු කිහිප දෙනෙකුද වැලිවේරිය පල්ලියටද අනතුරුව පොලසිය වෙතද ගියහ.

ඔවුහු ජනතාවද දැනුම්වත් කළ අතර යුද හමුදාවේ ක්‍රියා පටිපාටියද දැඩි ලෙද විවේචකය කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ කිංස්ලි පෙරේරා මහතා -

 ඔතන තිබුණේ පොඩි උද්ඝෝෂණයක්.  මුලින්ම පාර වැහුවේ නැහැ. ටික ටික සෙනග වැඩිවුනා ඒත් මුලින්ම පාරවල් වැහුවේ නැහැ. අන්තිමට සෙනග  වැඩි වුනාට පස්සේ නිකන්ම පාර වැහුනා. මොකද සෙනග හත් අට දාහක්  හිටියනේ.

එතකොට පොලිසියෙන් ඇවිත් කිව්වා පාර අවහිර කරන්න එපා කියලා. අපි කිව්වා අපි පාර අවහිර කරන්නේ නැහැ මේක පිට්ටනියක් නෙමෙයිනේ සෙනග වැඩි නිසයි අවහිර වෙලා තියෙන්නේ  කියලා.

ටික වෙලාවක්  යනකොට හමුදාවෙන් ආවා. හමුදාවෙන් ආවේ පොලූ එහෙම අරගෙනයි. අපි එතකොට කිව්වා මෙතන වතුර ප්‍රශ්නයක් තියෙන්නේ අපි මහත්තයලත් එක්ක රංඩු වෙන්න වත් ප්‍රශ්න  ඇතිකර ගන්නවත් මෙතනට ආවේ නැහැ ඒක නිසා ගහන්න කරන්න නම්   මහත්තයලට ඒ කාලේ බුද්ධ පූජාවල් තියලා සෙත් පැතුවේ අපිනෙ කියලා . අපි සිංහල ජනතාවනේ අපිට එහෙම කරන්න එපා කියලා කියද්දිත් අපේ හමුදාවේ ලොකු මහත්තයට කෝල් එකක් ආවා.  එයා කිව්වා මේක සමතයකට පත් වුනා කියලා  ඉන් පස්සේ අපි පාර ඉඩ දෙන්න හදනකොට තමයි එකපාරටම මැද්දට පැනලා කගේදෝ කමිසයකින් ඇදලා ගත්තා ඒකෙන් තමයි ගෝරිය අටවාගත්තේ.

ඒත්  ඒක්කම  අපිට හමුදාවෙන් ගහන්න ගත්තා. ගහන්න එපා කියද්දිම ගැහැව්වා. ගහලා ගහලා පොලූ එහෙම විසිකරලා දැම්මා. ඉතින් අපේ පැත්තේ කට්ටයත් ඒ පොලූ අහුලගෙන මේ ගොල්ලන්ට ගැහුවා. ඊට පස්සේ  වෙඩි තිබ්බා.

දිගට හරහට වෙඩි තිබ්බා. වෙඩි  තියලා පැන්නුවා. ඒ පාර මටත් වැදුනා. මගේ කටටයි කකුලටයි වෙඩි තිබ්බා ඔතන හතරමං හංදියේම. ඊට පස්සේ කට්ටිය එහාට මෙහාට වුණා.

ඉන්  පස්සේ මා  රෝහලට ගෙන ගියා. ගමේ කව්රු හරි එක්කෙනෙක් අරගෙන ගියේ මට මතක  නැහැ. ස්පිරිතාලට යනකොට අටට විතර ඇති. ඒ අරන් ගියහමත් මගේ සාක්කුවේ තිබුණු දුරකතනයත් ස්පිරිතාලෙදි නැතිවුණා. ඒකත් කව්රු හරි කෙනෙක් ගත්තා.

ඕක තමයි ඉතින් වුණේ වෙඩි තියන්න ප්‍රශ්නයක් නම් වුනේ නැහැ. හමුදාවෙන් තනිකරම වෙඩි තිබ්බා. ගහලා එලෙව්වා නම් ප්‍රශ්නයක් නැහැනේ. සෙනග යනවනේ. එක්කෝ වතුර බවුසර ගෙනත් තිබුණා. ඒවයෙන්  විද්දෙත් නැහැ.

 කදුළු ගෑස් ගැහුවෙත් නැහැ. ඒවා ගැහැව්වේ පස්සේ . ඉස්සෙල්ලාම එයාලා වෙඩි තිබ්බේ උඩටයි. වයර් වලට වෙඩි තිබ්බේ ලයිට් නැති වෙලා යන්නයි.

ඒ  ඔක්කොම වෙඩි තියලා තමයි ඊට පස්සේ සෙනගට වෙඩි තිබ්බේ. ඉතින් අහිංසක ජීවිත තුනක් අපරාදේ නැති වුණා. ඉගෙන ගන්න ළමයි දෙන්නෙක්. ඒවා මහ ජාතික අපරාධ නේද?

හමුදාව  මෙහෙම ක්‍රියා කරයි කියලා අපි  හිතුවේ නැහැ. නිකන් කොටින්ට ගහනවා වගේ තමයි අපේ මේ සිංහලයට ගැහැව්වේ. කොටින්ට ගහනකොට උන් ලග ආයුද තිබනා ඒත් අපි ලග මොකවත් තිබුනේ නැහැනේ. පොලූ කෑල්ලක් වත් තිබිච්ච මිනිස්සු නෙමෙයිනේ.

මේක මෙතන කිසිම කෝලාහලයක් කරගන්න ආපු ගමනක් නෙමෙයිනේ. ඒ ගොල්ලෝ කෝලාහලයට පරිවර්ථනය කරගත්තා. ඒ ගොල්ලන්ගේ බලපුලූවන්කාරකමි මිනිස්සුන්ට පෙන්නුවා ඒකයි වුණේ.

ඕක ඔහොම දුර දිග යන්නෙත් නැහැ කව්රු හරි බලධාරියෙක් ඇවිත් මේකට ඉදිරිපත් වුණා නම්. ඕක විසදගන්න පුළුවන්ව තිබු දෙයක්. කව්රුවත් ආවේ නැහැනේ. අපි දවස් හයක් අතන පැක්ටරිය ළඟ නිදිමරාගෙන ඉඳලානේ මෙතනට ආවේ. ඒත් ඒ වෙලාවේ ක්‍රියා කළේ නැහැ. දැන් තමයි බොරුවට හොයලා බලනවයි කියන්නේ.

 කව්රුවත් ලොක්කෙක් ආවේ  නැහැ. ආවේ  හමුදාවෙන් නැතන්ම් පොලිසියෙන්. ජනාධිපති තුමත් එක්ක සාක්්ච්ඡාවක් තිබ්බත් ඒ කටිට්ය කර්මාන්ත ශාලාව ඇරගෙන වැඩ කරනවා.

ඒකත්  ඉතින් අනිත් දේවල් යට ගියාවගේ යටවෙලා යයි. අපිටත් අතනට  එන්න කියනවා කට උත්තර ගන්න මෙතනට එන්න කියනවා. අපිත් අතනට මෙතනට ගිහින් රස්තියාදු වෙනවා. කාට කියන්නද මේවා?