(පාලිත ආරියවංශ )
එක්සත් ජාතික පක්ෂයෙන් එළවනවා නම් ඒකාබද්ධයේ ‘ලණු කන්නේ නැතිව‘ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එන්නැයි ඇමති විජේදාස රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව කීවේ හාලිඇල කුඩුමහවෙල අද (13 ) පැවැති පාක්ෂික හමුවකදීය .
“ විජේදාස රාජපක්ෂ මහත්තයා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ .වර්තමාන කෝප් කමිටුවට ඉස්සෙල්ලා තිබුණ කෝප් කමිටුවේ සභාපති විජේදාස රාජපක්ෂ මහත්තයා .එතකොට මාත් ඒ කෝප් එකේ සාමාජිකයෙක් .එතුමා හොරෙක් නොවෙයි .කෙළින් කතාකරන මිනිහෙක් .එතුමල අපි එකතුවෙලා එම කෝප් කමිටුව තුළින් හොරු ගැන වංචාකාරයෝ ගැන විශාල හෙළිදරව් කීපයක් කළා .එනිසාම එතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් එළියට යන්න වුණා.“
“එතුමා එළියට ගියාට පස්සේ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ තිබු රැස්වීමකදී එතුමාව පට්ට ගැහුවා අද ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉඳන් එතුමාට එන්න කියල ආරාධනය කරන අය.විජේදාස රාජපක්ෂ මහත්තයා අනික් පැත්තයට ගියාට පසුවත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපිට විජේදාස මහත්තයා වෙනුවෙන් පෙනී සිටියේ මම විතරයි .“
“ඊයේ මට කටිනුයි තියෙන හැම පැත්තකින්ම හිනා ගියා විජේදාස රාජපක්ෂ මහත්තයාගේ ඉහේ ඉදල පහළට පට්ට ගහපු එවුන් දැන් කියනවා විජේදාස රාජපක්ෂ මහත්තයට අනේ එන්න කියලා.ගම්මන්පිලලා පිනුම් පිට පිනුම් ගැහුවත් විජේදාස රාජපක්ෂ මහත්තයෝ ලණූ කන්න එපා යූ.එන්.පි යෙන් ඔබතුමා එළවනවානම් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ගාවට එන්න“ යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.

