එජාපය දිනවන්න ඉහළ මණ්ඩලයක්


එක්සත් ජාතික පක්ෂය දිනන මාවතට යොමු කිරීම සඳහා ඉහළ පෙළේ මණ්ඩලයක් පත් කිරීමට අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

එලෙස පත්කරන කමිටුවට දැනට පක්ෂ නායකත්වය සතු ඇතැම් බලතල ද කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණවලට යටත්ව පැවරීමට අද එකඟත්වය පල වී ඇත.

එම මණ්ඩලය පත් කරන ආකාරය, ස්වභාවය, සංයුතිය සහ වගකීම් ගැන සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය නායකවරුන් වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් සමග මේ සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය වී ඇතැයි එම ආරංචි කියයි.