ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක , එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කිරිම සදහා වන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
‘පරිවර්තනයක ඇරැඹුම‘ මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ 73 වැනි සමුළුව, එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වෙයි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝද රැසක් මෙම සම්මේලනයට එක්ව සිටිති.
(36698)











(ඡායාරූප -ළහිරු හර්ෂණ)

