(ශාන්ත රත්නායක)
තම අවසරයකින් තොරව මේ වසර ඇතුළත කිසිදු විදෙස් ගමනක් සඳහා සහභාගී නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.
ඒ අනුව දෙසැම්බර් තෙක් කිසිදු විදෙස් සංචාරයකට එක් නොවන ලෙස ද අත්‍යවශ්‍ය කරුණක් සඳහා විදෙස් ගතවන්නේ නම් තමා දැනුම්වත් කර ඊට අවසර ගන්නා ලෙසද අගමැතිවරයා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි පවසයි.

