එජාප බල කණුවක් නිහඬ වෙයි


එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු, ඇමතිවරයකු,  ඌව හා මධ්‍යම පාළාතේ ආණ්ඩුකාරවරයකු වූ පී සී ඉඹුලාන මහතා (91) අභවප්‍රාප්ත විය. 1960 ජූලියේදී රුවන්වැලලෙන් පාර්ලිමේන්තුවට තේී පත්වූ ඔහු ඩඩ්ලි සේනානායක රජයේ කෘෂිකර්ඹ නියෝජ්‍ය ඇමති විය. ජේ ආර් ජයවර්ධන රජයේ පළාත් පාන නියෝජ්‍ය ඇමති ද, ප්‍රේමදාස රජයේ කම්කරු ඇමති ද විය. ඉඹුලාන මහතා 1940 දී රුවන්වැල්ල දෙහිගම්පල් කෝරලයෙන් සහ පහතබුලත්ගම ගම්කාර්ය සභාවෙන් දේශපාලන ඇරඹීය. ඌව පළාත් සභාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වූ ඔහු 1994 දී දේශපාලනෙන් විශ්‍රාම ගන්නා තුරු මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා විය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු වූ ඉඹුලාන මහතා චාම් ගතිගුණවලින් හෙබි බොහෝ නිහතමානී හා මහජන ආදරය දිනාගත් පුද්ගලයෙක් විය. අවසන් කටයුතු රුවන්වැල්ලේදී සඳුදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.