එජාප ප්‍රතිසංවිධාන කමිටුව ලබන සතියේදී රනිල් හමුවෙයි


(නිමල කොඩිතුවක්කු)
 

එක්සත් ජාතික පක්ෂයේ  නව මුහුණුවර සකස් විය යුතු ආකාරය සහ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු  සිදුවන ආකාරයට අදාළ කමිටුව  ප‍්‍රථම වතාවට ලබන සතියේදී එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා  හමුවීමට නියමිතය.
 
ඉහත කමිටුව මෙසේ එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවන්නේ පක්ෂයට සම්බන්ධ විද්වතුන්, වෘත්තීයවේදීන්, තරුණ  සහ කාන්තා සංවිධාන, බල මණ්ඩල ඇතුළු  සියලූ පාර්ශව  සමග පළමු වටයේ අදහස් හුවමාරු  කරගැනීමෙන් පසුවය.
 
හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල,  හිටපු අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන, මලික් සමරවික‍්‍රම, තලතා අතුකෝරල සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආංශු මාරසිංහ යන මහත්ම මහත්මින්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.
 
සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගනිමින් පක්ෂයේ මුහුනුවර නවීකරණය කළ යුතු ආකාරය පිළිබඳව  නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරෙන ප‍්‍රධාන කාර්ය භාර්ය වේ.
 
ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරන සාමාජිකයන්ද ඉහත කමිටුවට ඇතුළත් කිරීම විශේෂත්වයකි.