එජාප නායක උසාවි කැදවයි


එක්සත් ජාතික පක්ෂ  පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල්  ලක්තිලක  යන මහත්වරුන්ගේ  පක්ෂ සාමාජිකත්වය  අහෝසි කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්වීම  සදහා ලබන  සැප්තැම්බර්  10 වැනිදා අධිකරණයෙන් පෙනී සිටින්න ලෙස එක්සත්ජාතික පක්ෂ  නායක රනිල් වික්‍රමසිංහ සහ එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය අතුළු අනුහතර දෙනකුට නියෝග කරමින්  අභියාචනාධිකරණය නියෝග නිකුත් කළේය.

නොතිසි භාෂා තුනෙන්ම පළවන පුවත්පත්වල පළ කිරීම සදහා  අභියාචනාධිකරණය  අවසර ලබා දුන්නේය.

 එසේම මෙවැනි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිම සම්බන්ධයෙන්  පෙත්සම  ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදි  සළකා බැලීම කළ යුතු බව  නීතීයේ  සදහන් වන බවද පෙත්සම සලකා බැලු  අභියාචනාධිකරණ විනිසුරු  එස් ශ්‍රී  ස්කන්ධරාජා  මහතා කියා සිටියේය.

 පෙත්සම්කරුවන් වෙනුවෙන්  ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනි සිටියේය.