එජාප ආසන සංවිධායකවරු හෙට සිරිකොතට කැඳවති


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් පිටකෝට්ටටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලසස්ථානය වෙත හෙට(30) උදෑසන 10.00 ට කැඳවා ඇතැයි පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවන ආකාරය සහ ජනාධිපතිවරණ ප‍්‍රචාරක වැඩපිළිවෙළ පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම කැ ඳවීම සිදුකර ඇති බව මහලේකම් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැඳවා ඇති මෙම හමුව සඳහා  ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එක්වීමට නියමිත බවත් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවැසීය.