වයඹ පළාත් සභා ඡන්දයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකරන අපේක්ෂකයකුගේ ආධාරකරුවකු හලාවත කුමාරකටුවේදී කපා කොටා තුවාල සිදු කැර ඇතැයි ද ඔහු හලාවත රෝහලට ඇතුලත් කැර ඇතැයි ද එජාප ආරංචි කියයි. පස් දෙනකුගෙන් යුතු මැර කල්ලියක් මේ ප්‍රහාරයට හවුල් වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. අපේක්ෂකයාගේ අත් දෙකේම බරපතල කැපුම් තුවාල ඇතැයි රෝහල් ආරංචි කියයි.

