එකම පවුලේ තුනක් උමා ඔයට බිලි


(සමන් පාලිත / නිශාන්ත කුමාර)

උමා ඔය ගල්ගේවත්ත තොටුපළේ ගිලී මියගොස් පාවෙමින් තිබූ වැලිමඩ මොරගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දෙක හමාරක දැරියක් ඇතුළු තිදෙනෙකුගේ මළ සිරුරු තුනක් අද (12)  දහවල් 1.30 ට පමණ ගොඩගත් බව පොලීසිය පවසයි.

වැලිමඩ මොරගොල්ලවත්ත අංක 05 පදිංචි එම් කරුපයියා (72) , කරුපයියා පුෂ්පාවතී  (32 ) , සහ කරුපයියා ලෙනින් (2 1/2 ) නැමැති එකම පවුලේ මවක්  ඇගේ දියණීය හා මිණිබිරිය  අනතුරින් මිය ගොස් සිටිති.

මෙම පිරිස අද (12) උදෑසන 8.30 ට පමණ දිය නෑම සදහා මෙම ස්ථානයට ගොස් ඇති අතර පසුව දිය නෑම සදහා එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු දියේ පාවෙමින් තිබූ මළ සිරුරු දැක පොලිසියට දැනුම් දී ඇත.