එක මකුණයි ළමයෝ කෑවේ


අල්ලස් ගත්තැයි කියන පොලිස් සැරයන්වරයකුගේ සිද්ධියකදී පොලිසියේ උසස් නිලධරයකු මෑතදී සහකාර පොලිස් අධිකාරී සමග නැගෙනහිරට ගොස්  සියලු පොලිස් නිලධරයන් රැස්වීමකට කැඳවා පැය භාගයක් ඔවුන් දණගැස්වූ බව දැනගන්නට ඇත.

සහකාර පොලිස් අධිකාරීට දුන් දඩුවම පැය භාගයක් දෙඅත් ඔසවාගෙන සිටීමයි.

දඩුවම නතර කර ඇත්තේ දඩුවම් විදිමින් සිටි දෙදෙනකු ක්ලාන්ත වීමෙන් පසුවය.

මේ බව කිසිවකුටත් නොකිව යුතු බවත්, එසේ කියා තිබුණහොත් තම උසස් වීමත් සමග අනාගතයේදී සුදුසු දඩුවම් ලැබෙනු ඇති බවත් ඔහු කියා ඇත.