එංගලන්ත ක‍්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට එති
එංගලන්ත ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (04) පස්වරුවේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්ත පිල කඩුලූ 7 කින් නවසීලන්තය පාරජය කළේය.
පසුගිය කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලි දෙකේදීම අනු ශූරියන් වූ නවසීලන්තයට මෙවර අවසන් පූර්ව තරගයෙන් ඉවත්වීමට සිදුවිය.
නවසීලන්ත කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 93 (අමී සට්ටිත්වයිට් 30, සොපියි ඩෙවිනෙ 11, නිකොලා බ‍්‍රවුන් 18, කෙටි මාටින් 19, ඩැනියල් වයත් 15/2, හොලි කොල්වින් 15/2)
එංගලන්තය ඕවර 17.2 කදී කඩුලූ 3 ට 94 (චාලට් එඞ්වඞ්ස් 33, සාරා ටේලර් නොදැවී 21, ලේඩියා ග‍්‍රින්වේ 22, සියන් රූක් 22/2)

