එක්සත් ජාතික පක්ෂයේ හාලිඇළ නව සංවිධායක ජයන්ත කන්නන්ගර මහතා පිළිගැනීමේ උත්සවයක් අද (29) පැවැත්විමට තිබු හාලිඇළ හෝටලයට ගල් ගසා හානි කැර ඇතැයි පොලීසියට පැමිණිලි කැර තිබේ.
හෝටලයේ වීදුරුද පහත මාලයේ යකඩ වැටද කඩා බිද දමා ඇත.
අද අලුයම දෙකහමාරට පමණ හෝටලයට කඩා වැදුණු මැරයන් සියළු සැරසිලි ද වනසා කොඩිද කඩා ඇතැයි කියති.
ඌව පළාත් සභාව ලබන ජුලීයේදී විසිරැවීමට නියමිතය.ඡන්ද ව්‍යාපාරය පටන් ගන්නටත් පෙර එජාපයට එල්ල කළ මේ ප්‍රහාරයෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම පෙනේ යැයි හාලිඇළ නව එජාප සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා කියයි.

