ඌරගහ වෙඩි තැබීමකින් අයෙක් රෝහලට


(එම්.සුසිල් ප්‍රියන්ත)

ඌරගස්මංහංදිය කොරකින ප්‍රදේශයේ  සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල්ගත කළ බව ඌරගස්මංහංදිය පොලිසිය කියයි .

වෙඩි වැදුණු තැනැත්තා පළමුව ඇල්පිටිය රෝහලටත් ඉන් අනතුරුව කරාපිටිය රෝහලටත් මාරු කර යැවූ බවද පොලිසිය කියයි .

මෙසේ වෙඩි වැඩි ඇත්තේ ඌරගස්මංහංදිය කොරකින ප්‍රදේශයේ පදිංචි දිල්ෂික ඉරෝෂන් නමැති අවිවාහක අයකුට බවද පොලිසිය කියයි .

ඔහු සිය මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලිසිය කියයි .

මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටි ඔහු එම ස්ථානයෙන් නැගිට ඒ ආසන්නයට ගොස් සිටියදී මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලිසිය කියයි .

පෞද්ගලික ආරවුලක් මේ වෙඩි තැබීමට හේතුව වන්නට ඇතයි පොලිසිය සැකකරයි .