ගිනි අවියක් සමග දඩයමේ ගිය බව කියන ආදි වාසි තරුණයකු අත්අඩංගුවට ගැනීමේ දී වනජීවි නිලධාරියනට පහරදී ඔහු බේරාගත්තේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආදි වාසි නායක ඌරුවරියේ වන්නිල ඇත්තෝ ඔහුගේ පුත් ඌරුවරිගේ මුතු බණ්ඩා ඌරුවරිගේ ගුණතිලක හා උරුවරිගේ පුංචි බණ්ඩාර මහියංගන මහේස්ත‍්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා විසින් ඇප මත මුදාහරිනු ලැබූහ.
මුදලින් රුපියල් 7500 බැගින්ද රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇපද ඔවුනට නියම විය.
ආදිවාසි නායක ඇතුළු පිරිස අධිකරණයට බාර වූහ. මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ බාරකරු ඒ.ටී.ආර්. රවින්ද්‍ර කුමාර මහතා පැමිණිල්ල ඉදිරිපත් කෙළේය.