(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - මහනුවර උසස් බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි එම්.කේ.පී.වාසල මහත්මිය කෑගලූ බාලිකා විදුහල්පතිනිය ලෙස පත් කර ඇත.
මහනුවර උසස් බාලිකා විදුහල් ඉතිහාසයේ වැඩි ම සේවා කාලයකට හිමිකම් කියන ඇය 1970 - 1980 යේ එම විදුහලේ දීප්තිමත් ශිෂ්‍යාවක් ද වූවාය.
1982 විද්‍යා ගණිත උපගුරුවරියක ලෙස ගුරු සේවයට බැඳුණු ඇය 1991 දී අධ්‍යාපන පරිපාලන සේවයේ විවෘත තරග විභාගය සමත් ව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තනතුරු හෙබවූවා ය.
1994.3.18 දින සිට උසස් බාලිකා විදුහලින් නික්ම යන තෙක් ම ඇය උසස් බාලිකා අභිමානය ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන යන්නට සුවිශාල කැපකිරීමක් කළාය.

