උසස් පෙළ සිසුවා සහ දොස්තර පියා රිමාන්ඩ්


ටෝනි කරුණානායක  සහ තරිඳු ජයවර්ධන 

උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්නපත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  සැකපිට කොළඹ ප්‍රසිද්ධ ජාතික පාසලක 19 හැවිරිදි විභාග අපේක්ෂකයෙකු සහ  එම අපේක්ෂකයාගේ පියා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස  ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා  අද  (23) නියෝග කළේය.

මෙම ශිෂ්‍යයාගේ පියා   පොලිස් රෝහලේ  වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී තනතුර දරන්නකු   බව ද පොලිසිය කියයි.

රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පියපුතු දෙපල අද (23) රාත්‍රී 8.30ට පමණ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ගෙන ගොස් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූහ. විභාග වංචාවට භාවිත කළ උපකරණ ගැනීමට පියා තම ක්‍රෙඩිට් කාඩ් පත මගින් වියදම් කර ඇතැයි රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.