(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උයන්වත්ත රක්ෂිතයේ දී ඝාතනය කරනු ලැබ සිටි පුද්ගලයකුගේ හිස කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා නාගොඩ මහ රෝහලේ තබා ගැනීමට එහි ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.බී.එම්.ප්‍රනාන්දු මහතා අද(17) තීන්දු කළේය.
මරණයට හේතුව ලබන 24 වැනිදා ප්‍රකාශ කරන බවත් ඔහු කියා සිටියේය.
හොරණ, බැල්ලපිටිය පදිංචි පුන්සිරි අජිත් කුමාර (39) පසුගිය 15 වැනිදා එසේ මරාදමා තිබූ අතර ඔහු මංකොල්ලකෑම්වලට සම්බන්ධ අයකු බව ද හෙළිවී ඇත.

