(තරිඳු ජයවර්ධන)
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සිදු කරන ඉරාන සමාගම නිසි ආකාරයට වැඩ කටයුතු සිදු කර නැති බව ජනාධිපතිවරයා ඇතුළු රජය පිළිගෙන ඇති බැවින් වහාම එම සමාගමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිය යුතු බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
නිසි අධ්‍යයනයකින් තොරව සහ පරිසරවේදීන් කළින් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට නොගෙන සිදු කළ උමං කැනීම් නිසා භූගත ජලය ලීටර කෝටි ගණනක් අපතේ ගිය බවත්, නිවාස රැසකට හානි සිදුවූ බවත් ආචාර්ය කාරියවසම් මහතා පවසයි.
බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැවැන්ත හානියක් සිදු කරමින් ව්‍යාපෘතිය සිදු කළ ඉරානයේ ෆරබ් සමාගමට නඩු පවරා වන්දි අය කර ගත යුතු බව ද, ව්‍යාජ වාර්තා ලබා දෙමින් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සාධාරනීකරණය කළ ලංකාවේ ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ යුතු බව ද රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

