(ඩයනා උදයංගනී,ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
වැරදි යන්ත‍්‍ර සූත‍්‍ර යොදාගෙන උමග ඉදිකිරීම මෙම ගැටලූවට හේතුව බව විදේශීය විශේෂඥයින් පැමිණ කළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයි කී අමාත්‍යවරයා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ විට පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද හා බලය භාවිතා කර අවශ්‍ය පුද්ගලයින් කැඳවා මේ ගැන සොයාබැලිය හැකි බව ද සඳහන් කළේය.
මේ වන විටත් විශාල මුදලක් වැය කර ඇති උමා ඔය ව්‍යාපෘතිය එක්වරම නැවැත්විය නොහැකි බව ද එයින් ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වී ඇති බැවින් ඉදිරියේදී නිවැරදි තාක්‍ෂණය යොදාගෙන ගැටලූව විසඳිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද(6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ගැටලූව ගැන සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ද පත්කරනු ලැබ තිබේ.


