උපේක්ෂා ස්වර්ණමාලි රිය අනතුරක


ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ගමන්ගත් ජීප් රිය වේයන්ගොඩ මීරිගම මාර්ගයේ බොකලගම හන්දියේ දී ත්‍රී රෝද රියක හැපී ඇතැයි පොලිසිය කියයි. මන්ත්‍රීවරිය තුවාල නොලැබූ නමුත් තුවාල ලැබූ ත්‍රී රෝද රියදුරා තවත් අයකු මීරිගම රෝහලින් වතුපිටිවල රෝහලට මාරුකැර යවා ඇත. මන්ත්‍රීවරියගේ රියදුරා සහ ජීප් රිය පොලීස් භාරයට ගනු ලැබීය.