මහරගම ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට සන්ධානයෙන් විටින් විටින් විට මන්ත්‍රීවරුන් දෙදෙනකු තෝරා යැවූවත් මහරගමට ඔවුන්ගෙන් සේවයක් නොවීයැයි බස්නාහිර පළාත් මහාමාර්ග ඇමති උපාලි කොඩිකාර මහතා පැවසීය. ඔහු එසේ කීවේ මහරගම නව සතිපොළට මුල් ගල් තැබූ උත්සවයේදීය. බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ප්‍රධාන ආරාධිතයා විය. නාගරික සංවර්ධන අමාත්‍යංශය රුපියල් අට කෝටියකට ආසන්න මුදලකින් නව සති පොළක් ඉදිකිරීමට යයි.
‘‘මහරගම ජනතාවගේ ඡන්දයෙන් දිනේෂ් ගුණවර්ධන හා අමල් සේනාධිලංකාර මහත්වරුන් පාර්ලිමේන්තු යැව්වා. ඒ දෙන්නාගෙන්ම වැඩක් වුණේ නෑ. අවුරුදු 23 ක් යනතුරු සති පොළ ඉදිකිරීම පමාවුණා” යැයිද කොඩිකාර මහතා කීවේය.
මහරගම සංවර්ධනය තමාගේත් උපාලි කොඩිකාරවන තම සැමියාගේත් දෙවුර මත රැඳී ඇතැයි නගර සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය කීවාය.


