උපන් දින සාදයක් පැවැති වතු නිවසකට ගල් ගැසීමේ සිද්ධියක් හේතුවෙන් අලවතුගොඩ විලානගම ඉල්ලගොල්ල වත්තේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග ගොස් අත් පොරොවකින් හිසට ගසා 22 හැවිරිදි තරුණයෙකු මරා දමා තවත් තිදෙනෙකුට තුවාල කළැයි සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ.