උප ඇමැති මාර්ග නීතියට සල්ලි කොලෙන් ගහයි
නියෝජ්‍ය ඇමැතිවරයකු දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්කළ මෝටර් රථය පැයට කිලෝමීටර් 169 වේගයෙන් පැදවී යයි දඩකොළයක් දීමට ගිය පොලිසිය හා නියෝජ්‍ය ඇමැති අතර ඇතිවූ බහින්බස්වීමෙන් පසුව ඇමැති රුපියල් 1500ක් රියෙන් එළියට විසිකළැයි අද රාත‍්‍රී වාර්තාවෙයි.
කොට්ටාව පිවිසුමේදී දඩ කොළය දීමට රියැදුරාගේ බලපත‍්‍රය ඉල්ලූවිට එය නොදී තමා කව්දැයි හඳුන්වා දෙමින් පොලිසියට සැරෙන් කථා කළ නියෝජ්‍ය ඇමැති ඉන්පසු මුදල් එළියට දමා ඇතැයිද පොලිසිය එම මුදල් යළි වාහනයට දමා ඇතැයිද දැනගන්නට ඇත.
නීතිය කාටත් පොදුයැයි පොලිසිය කියූවිට නියෝජ්‍ය ඇමැති පවසා ඇත්තේ තමා හදිසි ගමනක් යනබව කථානායකට දැන්වූ බවයි.
අධිවේගී මාර්ගයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 100කි.

