(ඉන්දිකා රාමනායක)
ගොකරැල්ල ප්‍රදේශයේ දී 26 හැවිරිදි තරුණයෙකුට උදැල්ලකින්, තියුණු ආයුධ වලින් සහ පොලු වලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.
සැකකරුවෙකු විසින් ඊයේ රාත්‍රියේ මෙම තරුණයා යතුරු පැදියකින් හප්පා පලා ගොස් ඇති බවත් ,තමා හප්පා පලා යාමට හේතුව විමසීමට තරුණයා සැකකරුගේ නිවසට ගොස් සිටියදී පිරිස තරුණයා ට මේ අයුරින් පහරදී ඝාතනය කර ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය පවසයි.
ගොකරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

