උදයංග වීරතුංගගේ විදෙස් ගමන් බලපත්‍ර භාවිතය තහනම් කෙරේ


(තිළිණි ද සිල්වා)

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රක් භාවිත කිරීම වළකාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  අද(30) නියෝගයක් නිකුත් කළේය.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නියෝගය නිකුත් කළ අතර ඔහු දිවයිනට පැමිණියහොත් රඳවාගෙන ඒ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන ලෙසද ආගමන විගමන පාලකවරයාට අධිකරණය නියෝග කරන ලදී.

2009 වසරේදී යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීම සඳහා මැදිහත්වී අයුතු ආකාරයෙන් මුදල් උපයාගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහුට එරෙහිව නඩු පවරා තිබේ. ඒ අනුව පසුගිය වර්ෂයේ ඔක්තෝබර් 16 වන දින උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම  සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කෙරිණි.