( තිළිණි ද සිල්වා)
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර ඇති වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙස සහ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) ප්‍රතික්ෂේප කළාය.
සැකකාර උදයංග වීරතුංග මහතා කළ යුත්තේ විදෙස් ගමන් තහනම හෝ වරෙන්තු නියෝග ආපසු කැඳවන මෙන් අධිකරණයෙන් ඉල්ලීම නොව අධිකරණයට හෝ ළඟම ඇති පොලීසියට බාරවීම බවද මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දී තිබේ.
2007සහ 2008 වසර වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කරන පරීක්ෂණයේ සැකකරුවෙකු ලෙස උදයංග වීරතුංග මහතා නම් කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මීට පෙර අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණි.

